― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsප්‍රබල ඇමතිවරයෙකුගේ සැප බසයක් හපුතලේදී පෙරළෙයි

ප්‍රබල ඇමතිවරයෙකුගේ සැප බසයක් හපුතලේදී පෙරළෙයි

කොළඹ සිට හපුතලේ, පන්කැටිය ප්‍රදේශය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (03) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

හපුතලේ – බදුල්ල මාර්ගයේ හපුතලේ තේ කර්මාන්තශාලාව අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරට ලක් වූ සුඛෝපභෝගී බස් රථය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත් බස් රථයක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.