25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුම පෝලිමේ සිටි අයෙක් ජීවිතක්ෂයට

අස්වැසුම පෝලිමේ සිටි අයෙක් ජීවිතක්ෂයට

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සේවය ලබාගැනීමට ගිය පුද්ගලයෙකු ක්ලාන්ත වී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අද (27) උදෑසන සිදුවූ මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ නමුණුකුල, ටෝනකොම්බෙ වතු යායේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකි.

අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමයට අදාළ අයදුම්පත්‍රය ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගු වේලාවක් පෝලිමේ රැඳී සිටියදී මෙම පුද්ගලයා ක්ලාන්ත වූ බව පෝලිමේ සිටි ඇතැම් පිරිස් ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සියලු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.