පාසල් සපත්තු සහ බෑග් මිල සියයට 10කින් පහත දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අද (27) මුදල් අමාත්‍යාංශයේදී නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
එහිදී ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව දැනට වෙළෙඳපොළේ පවතින තොගද නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බවයි.