30.6 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

පාකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධියෙන් පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ Bazar දිස්ත්‍රික්කයේ ඉස්ලාමිය දේශපාලන පක්ෂ රැස්වීමක් ඊයේ (30) පැවැත්වුණා.

JUIF සංවිධානය වෙනුවෙන් රැස්වීමක් පැවැත්වෙන අතරතුර අනපේක්ෂිත ලෙස මෙම බෝම්බ පිපිරිම් සිදු වූ බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මිය ගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

මේ තත්ත්වය තුළ රෝහල්ගත කිරීමෙන් පසු මියගිය අය ද ඇතුළුව මෙම සිද්ධියෙන් මියගිය මුළු සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් ඇති බවයි කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.