― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපෙම්වතියගේ නිවසට පැමිණි පෙම්වතාගේ මළසිරුර ඇළකින් හමුවෙයි

පෙම්වතියගේ නිවසට පැමිණි පෙම්වතාගේ මළසිරුර ඇළකින් හමුවෙයි

බදුල්ල, තල්දෙණ, 07 කණුව ප්‍රදේශයේ ඇළක තිබී මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් අද (31) දහවල් සොයාගත් බව බදුල්ල පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රභාත් සංජිව නැමැති 27 හැවිරිදි තරුණයෙකු බවට හඳුනා ගෙන තිබෙනවා.

මොහු 05 කණුව, පදියතලාව පාර මහියංගණය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම තරුණයා ඊයේ (30) තල්දෙන, 07 කණුව ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට පැමිණ එදින රාත්‍රියේ එම නිවසේ නතර වී ඇති බවටයි තොරතුරු අනවරණය වී ඇත්තේ.

පසුව මෙම තරුණයා රාත්‍රියේ නිවසේ නොමැති බවට නිවැසියන් විසින් දැනගෙන ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.

එහිදී සිදු කළ සෝදිසි කිරීම්වල දී ඔහුගේ මළ සිරුර නිවසට පහළින් ගලා බසින ඇළක තිබී අද (31) දහවල් සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.