31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබන්ධනාගාර තුළ රැඳවියන් වැඩි වීමේ ප්‍රවණතාවක්

බන්ධනාගාර තුළ රැඳවියන් වැඩි වීමේ ප්‍රවණතාවක්

දිවයිනේ පිහිටි බන්ධනාගාර තුල රැඳවියන්ගේ තදබදය ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ වසර ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

සමස්තයක් ලෙස දිවයිනේ සියලු බන්ධනාගාර තුළ රැඳවියන් 13,241 දෙනෙකු රැඳවිය හැකි වුවත් මේ වන විට එම සංඛ්‍යාව 29,000කට ආසන්න වී තිබෙන බව සඳහන්.