― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅවශ්‍ය ප්‍රදේශවලට පශු වෛද්‍යවරු මාරු කරන්නැයි ඉල්ලීමක්

අවශ්‍ය ප්‍රදේශවලට පශු වෛද්‍යවරු මාරු කරන්නැයි ඉල්ලීමක්

පශු වෛද්‍යවරුන්ගේ සේවය අවශ්‍ය ප්‍රදේශවලට පමණක් ඔවුන් අනුයුක්ත කරන ලෙසට පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි ඔවුන් අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ.

එහිදී ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට පශු වෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය නොවන බවත් එවැනි ප්‍රදේශවල සිටින පශු වෛද්‍යවරු අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට යොමු කිරීම මගින් ඔවුන්ගෙන් සේවයක් ලබාගත හැකි බවත්ය.