31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර අපතේ යැවීම මිල ඉහළ යාමට හේතුවක්

ආහාර අපතේ යැවීම මිල ඉහළ යාමට හේතුවක්

මෙරට ආහාර වර්ග 07ක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් සකස් කළ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාරදී තිබේ.

එම අධ්‍යයනයට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන ආහාර අපතේ යෑම රටේ ජාතික වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් සකස් කරන ලද මෙම වාර්තාව දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයකි.

මහාචාර්ය බුද්ධි මාරඹේ විසින් අදාළ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදී ඇත.