― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසනත් - ලන්සා ඇවිලෙයි - හඬපටයක් එළියට

සනත් – ලන්සා ඇවිලෙයි – හඬපටයක් එළියට

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා හට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් යොමුකළ තර්ජනාත්මක හඬපට කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ රණවරාපිටිය ප්‍රදේශයේ මාර්ගයකට මුල්ගල් තැබීමේ සිද්ධියක් පිළිබඳව ඇති වූ මත ගැටුමක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් වට්ස් ඇප් ඔස්සේ නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයා වෙත මෙම හඬපටය යොමුකර තිබේ.

ඒ පිළිබඳව නිමල් ලාන්සාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම හඬපට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් තමන්ට යොමුකළ බවය.

එම සංවාදය පහතින්,

සනත් නිශාන්ත:
“ඔයා ෆෝන් කට් කෙරුවට කමක් නෑ, මගේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්ට කියලා පාරවල් හදවලා අපේ පාරවල් සේර ම නතර කරලා, මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. කුඩු පට්ටම් වෙන්න ගහනවා. මම උඹට ආයෙත් කියන්නේ නැහැ නිමල් ලන්සා. මම උඹට ආයෙත් කියන්නේ නැහැ. මතක තියාගනින්.

උඹට මම කියන එක අහගෙන ඉන්න බෑ නේ?

හෙට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආනන්ද සරත් කුමාර පාරකට මුල්ගල තියනවා රණවරපිටියෙ. නවත්තවනවා නම් නවත්තපන්. හෙට ඒක තිබ්බොත් මම හෙට හවස උඹට මාධ්‍ය සකච්ඡාවක් තියලා ගහනවා මතක තියා ගනින්. ආ… මම උඹට ආයෙත් කියන්නේ නැහැ.”

අදාළ මාර්ග සංවර්ධන කටයුත්ත සිදු නොකරන ලෙස සනත් නිශාන්ත තමන්ට තර්ජනය කළ බවත් තමන්ගේ අනුදැනුම නොමැතිව පුත්තලම දිස්ත්‍රක්කයේ කිසිවක් සිදු කළ නොහැකි බව සනත් නිශාන්ත නිමල් ලන්සාට පවසා ඇත.