මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම ආඥාව නිකුත් කර ඇත්තේ.


