උතුරු පළාතට බලපා ඇති දැඩි නියං කාලගුණය හේතුවෙන් මේ වනවිට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉදිරි සති කිහිපය තුළ වර්ෂාව නොලැබෙන්නේ නම් මෙම විපතට පත් පිරිස් වේගයෙන් ඉහළ යෑමේ අවදානමක් පවතින බවයි ඔවුන් සඳහන් කළේ.
දිවයිනේ සියලු පළාත් නියඟය හේතුවෙන් පීඩාවට පත් වුවද ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුරේ ජනතාවටයි.
උතුරේ ජනතාව මේ නියං කාලගුණය හේතුවෙන් විශාල පානීය ජල ගැටලුවකට මුහුණ පා ඇති බවත් ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආරක්ෂක අංශ විසින් බවුසර මගින් ජලය ලබාදීමට පියවර ගෙන තිබේ.


