මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්වය හේතුවෙන් හැකිතාක් ජලය පානය කරන ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වෛද්‍යවරු විසින් පෙන්වා දෙන්නේ හිරු රශ්මියට නිරාවණය වීම හැකිතාක් අඩු කළ යුතු අතර වැඩබිම් වල සේවකයන් පැය භාගයකට වරක්වත් සෙවන තිබෙන ස්ථානයකට ගොස් කෙටි විවේකයක් ගත යුතු බවයි.
කෙසේ වෙතත් දරුවන් දහවල් කාලයේ ක්‍රීඩා කටයුතු වලට යොමු නොකර සිටීම වඩාත් යෝග්‍ය බව ද මෙහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.


