― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋතුරේ ඉඩම්වලින් 92%ක් නිදහස් කෙරේ

උතුරේ ඉඩම්වලින් 92%ක් නිදහස් කෙරේ

2009 වර්ෂයෙන් පසුව ආරක්ෂක අංශ සහ පොලීසිය භාරයේ තිබූ උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් මේ වනවිට නිදහස් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ජනාදිපතිවරයා මේ බව සඳහන් කළේ.

මේ වනවිට අදාළ ඉඩම් ප්‍රමාණයෙන් සියයට 90ත් 92ත් අතර ප්‍රමාණයක් එලෙස ක්‍රමානුකූලව නිදහස් කර ඇති අතර මෙම ඉඩම් ප්‍රමාණයට අක්කර 22,919 ක් ඇතුළත් වන අතර ඉන් අක්කර 817 ක් රජයට අයත් බවත් අක්කර 22,101 පෞද්ගලික ඉඩම් බවත් ජනාධිපතිවරයා එහිදී අව්ධාරණය කළේය.

තවදුරටත් පොලීසිය සහ ආරක්ෂක අංශ භාරයේ ඉඩම් අක්කර 3754ක් පවතින අතර ඉන් අක්කර 862ක් රජය සතු බවත් අක්කර 2832ක් පෞද්ගලික ඉඩම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.