26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවාඩු පදනම මත විදෙස්ගත වීමට ගුරුවරුන්ට අවසර නැහැ

නිවාඩු පදනම මත විදෙස්ගත වීමට ගුරුවරුන්ට අවසර නැහැ

ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු පදනම මත විදේශ ගතවීමට අවසර ලබාදී ඔවුන් විදේශගත වීමේදී මේ වනවිට ආණ්ඩුව විසින්ම යම් යම් බාධක පනවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

අද (15) මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ වනවිටත් ගුරුවරු සම්බන්ධයෙන් විදේශ නිවාඩු අනුමත නොකිරීමේ තීරණයක් රජය විසින් ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ. එවැනි තත්ත්වයක් තුළ ගුරුවරුන් තම රැකියාවෙන් ඉවත්ව විදෙස් ගතවීමේ ප්‍රවනතාවයක් ද මතුව ඇති බව ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළා.

මේ වනවිටත් ගුරුවරුන් 5,000ක පමණ සංඛ්‍යාවක් රැකියා සඳහා විදේශ ගත වී ඇති බවයි ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවේ.

එය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ද පිළිගත් බව ලේකම්වරයා සඳහන් කර සිටියා.