― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිකිරණවේදීන්ගේ හිඟයක් - රෝහල් රැසක් අවදානමේ

විකිරණවේදීන්ගේ හිඟයක් – රෝහල් රැසක් අවදානමේ

දිවයින පුරා රෝහල් රැසක විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් රෝහල් රැසක සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ නැවතීමේ අවදානමක් පවතින බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා සඳහන් කළේ.

එමෙන්ම රත්තපුර, ගාල්ල, බදුල්ල, කොළඹ ජාතික රෝහල තුළ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි ඔහු අවධාරණය කළේ.

“දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ දැඩි හිඟයකට මේ වනවිට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ කරන ස්ථානයන්හි නිලධාරීන් විශ්‍රාම යෑම හේතුවෙන් ඉදිරියේ දී මේ පරීක්ෂණ නතරවීමේ අවදානමක් තියෙනවා. එතකොට රත්නපුර, ගාල්ල, බදුල්ල, ශ්‍රී ලංකා ජාතික රෝහලේ යන ස්ථානවල සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ නතරවීමේ අවදානමක් තියෙනවා. මේ ආකාරයෙන්ම විශ්‍රාම යෑම හා නිලධාරීන් විදේශගත වීම සිදුවෙමින් පවතිනවා. මේ යන තත්ත්වයත් එක්ක ඉදිරියේ දී දැඩි අර්බුදයකට විකිරණ සේවාව මුහුණ පානවා. මේ සඳහා ඉක්මන් පියවරක් හැටියට බඳවා ගැනීම හා නිලධාරීන් අපි යෝජනා කරනවා 60න් විශ්‍රාම යෑම 63 දක්වා තාවකාලිකව හෝ දෙන්න කියලා.

ලබන මාසය වනවිට පෙට් ස්කෑන් පරීක්ෂණ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නතර වෙනවා. අපිට කරන්න දෙයක් නෑ. මේ නිලධාරීන් විශ්‍රාම ගියාම. ඒ අංශයේ ඉන්නේ නිලධාරීන් දෙන්නයි. එක් අයෙක් විශ්‍රාම යනවා. අනිත් කෙනා මාස තුනකින් විශ්‍රාම යනවා. ඒ අනුව ලබන මාසයේ සිට මේකේ එක නිලධාරියෙක්ට පමණක් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. මෙතෙනට තුන් දෙනෙක් අවශ්‍යයි. නමුත් දැන් දෙන්නෙක්ගෙන් තමා මේ කාර්ය සිද්ධවෙන්නේ. ඒ දෙන්නත් විශ්‍රාම ගියාට පස්සේ ජාතික රෝහලේ පෙට් අංශය වසා දාන්න වෙනවා. මේ විදියට පෙට් පරීක්ෂණ 1000ක් විතර කරලා තියෙනවා මේ රෝහල පටන්ගත්ත දවසේ ඉඳලා. එතකොට මේ සේවා බිඳවැටීම නිසා පිළිකා රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්වෙන්න සිද්ධ වෙනවා.”