― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනියඟයෙන් වැඩිම වගා හානිය කුරුණෑගලට

නියඟයෙන් වැඩිම වගා හානිය කුරුණෑගලට

මේ වනවිට දිවයින පුරා නියඟය නිසා වී වගාවට සිදුව ඇති වගා හානි තක්සේරු කර දෛනික වී වගා හානි පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට බාරදීමට නියමිතය.

වී වගා හානි තක්සේරු කිරීමේ කටයුතු සඳහා දිවයිනම ආවරණය වන පරිදි කණ්ඩායම් 25ක් යොදවා තිබෙනවා.ඊයේ දිනයට වනවිට වාර්තා වී ඇති වගා හානි තක්සේරු කිරීම් පිළිබඳ වාර්තාව අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය වනවිටත් වැඩිම වගා හානි වාර්තා වී තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය අක්කර 19,388කි. අගතියට පත්ව ඇති ගොවීන් ප්‍රමාණය 22,357කි.

දෙවන ස්ථානයට වැඩිම වගා හානි ප්‍රමාණයක් උඩවළවේ කලාපයෙන් වාර්තාවෙනවා. එය අක්කර 10,125කි. ගොවීන් ප්‍රමාණය 4050කි. ඊයේ වනවිට දිවයින පුරා වාර්තා වන වී වගා හානි අක්කර ප්‍රමාණය 37,101කි. ගොවීන් ප්‍රමාණය 32,967කි.