මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ 21 ක ජල මට්ටම තවදුරටත් පහත බැස තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ජලාශවල ජල මට්ටම සියයට 50 දක්වා පහත වැටී ඇති අතර සමනල වැව ජලාශයේ ජල මටට්ම සියයට 2.5 දක්වා පහත වැටී ඇති බවයි.
මේ හේතුවෙන් සමනල වැවෙන් ජලය සපයන උඩවල ජලාශයේ ජල මට්ටමද සියයට 2.8 ක අගයක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.