ජල විදුලි ජනනය 15%ක් දක්වා පහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
බලාගාර ආශ්රිත ජලාශවල ධාරිතාව මේ වනවිට 23%ක් දක්වා පහළ ගොස් ඇති බවත් මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට විදුලි ඉල්ලුමෙන් 80%ක්ම සැපයෙන්නේ ගල් අඟුරු හා තාප විදුලියෙන් බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
මේ වනවිට රන්දෙණිගල ධාරිතාව 8.1 %ක්, වික්ටොරියා ජලාශයේ ධාරිතාව 27%ක් හා සමනල වැව ජලාශයේ ධාරිතාවද සමස්ත ධාරිතාවයෙන් මේ වනවිට 1.9% ක් දක්වා පහළ ගොස් තිබේ.