25 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක්‌ මුවාවෙන්‌ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වටලා කාන්තාවන් 05 දෙනෙකු අත්‌අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී එම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක්‌ සහ කළමණාකරණයට සහාය විම සම්බන්ධයෙන්‌ සැකකාරියන්‌ 05 දෙනෙකු අත්‌අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්‌අඩංගුවට ගත්‌ සැකකාරියන්‌ අවුරුදු 18 ත්‌ 42 ත්‌ අතර වයස්වල පසුවන පිළියන්දල, කෙසෙල්වත්ත, මිද්දෙනිය, කුරුණෑගල, රත්මලාන හා බුත්තල ප්‍රදේශවල පදිංචිකාරියන්‌ බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතය.