― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් වැටලීම් රැසක්

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් වැටලීම් රැසක්

ගතවූ මාස 08ක කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබී තිබූ පැමිණිළි 2019ක් අතරින් විමර්ශණ කටයුතු සිදු කර පැමිණිළිකරුවන් 669 දෙනෙකුට රුපියල් 88,21,000ක මුදලක් ආපසු අය කර දීමට හැකියාව ලැබුණු බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය පවසනවා.

ගෙවී ගිය කාලය තුළ නීතිවිරෝධී ලෙස පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතන 08ක්ද, විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ ප්‍රතිපාදනවලට පටහැනිව කටයුතු කළ රැකියා නියෝජිත ආයතනයක්ද විමර්ශන නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

එසේම වංචනික ක්‍රියාවල නිරත වූ විදේශ රැකියා නියෝජිත ආයතන 10ක හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටයි කාර්යංශය කටයුතු කර ඇත්තේ. වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබා දීම සඳහා පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේ සැකකරුවන් 85 දෙනෙකු ද විදේශ සේවා නියුක්ති කාර්යංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම සංචාරක වීසා මගින් ඕමාන් රටේ රැකියාවක් සඳහා කාන්තාවන් දෙදෙදෙනෙකුව පිටත් කර යැවීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ද කටුනායක ගුවන්තොටුපලේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. වලංගු බලපත්‍රයක් නොමැතිව රාජගිරිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක් ද පසුගිය 21 වැනිදා වැටලීමට කාර්යංශයේ විමර්ශන නිලධාරීන් සමත්වී තිබුණා.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 42ක්, අයදුම් පත්‍ර සහ වීසා ගොණු 02ක් ඇතුළු ලියකියවිලි තොගයක් වැටලීම කළ නිලධාරීන් සිය බාරයට ගෙන තිබෙනවා. ලැබෙන පැමිණිළි සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු තවදුරටත් සිදු කරන අතර නීති විරෝධී ක්‍රියාවන් සිදු කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය අවධාරණය කළේ.