― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් - යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

බස් – යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ වාකනේරී ප්‍රදේශයේදී බස් රථයක් යතුරුපැදියක ගැටී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කල්මුණේ සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වාලච්චේන මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මිය ගිය පුද්ගලයා අවුරුදු 25ක් වන ඩට්ටමාවඩී ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.