― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනීති විරෝධී ආයෝජන ක්‍රම පිළිබඳ මහජන පැමිණිලි රැසක් - මහ බැංකුව

නීති විරෝධී ආයෝජන ක්‍රම පිළිබඳ මහජන පැමිණිලි රැසක් – මහ බැංකුව

මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල යෝජනාක්‍රම බව හුවාදැක්වීම සඳහා එම යෝජනාක්‍රම සාධාරණීකරණය කරමින් පහත දක්වා ඇති ආකාරයේ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟයවා මුදල් තැන්පතු කරවා ගැනීමට/ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මහජන පැමිණිලි රැසක් මෑතකාලීනව ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

‘’ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූලව ආයෝජකයින්ගේ අරමුදල් යෝජනා ක්‍රමය ආරක්ෂා කරන බව.
යෝජනා ක්‍රමය මගින් අදාළ බදු මුදල් රජයට ගෙවන බව.
යෝජනා ක්‍රමයට සහභාගිවන්නන්ගේ මුදල් නැවත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පුද්ගලික මුදලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආදායම් බද්දක් ගෙවිය යුතු අතර එසේ නොකලහොත්, ඔවුන්ගේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත් හිටුවන බව.
මෙම යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කරන බව.”

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලපත්‍රලාභී සහ නියාමනය කරනු ලබන ආයතනයන්හි ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇති අතර පහත සදහන් සබැඳි හරහා ප්‍රවේශ විය හැකිය.

https://www.cbsl.gov.lk/authorized-financial-institutions
https://www.dfe.lk/web/index.php?option=com_content

මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳව සුපරීක්ෂාකාරීව සහ අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට කාරුණිකව උපදෙස් දෙනු ලැබේ.

තවද, එවැනි යෝජනා ක්‍රමවලට සම්බන්ධ වීමෙන් තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් අහිමි වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බැවින් එවැනි යෝජනා ක්‍රමවල නිරත නොවන ලෙස හෝ ආයෝජනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.