32 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් රථවාහන වරදක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකිරීමට ලබා ගත්තේ යැයි කියන යාපනය, මල්ලාවි පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඊට ආධාර අනුබල දුන් කියන පොලිස් සැරයන් වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ජේ සී බී. වර්ගයේ යන්ත්‍රයක් පදවාගෙන ගිය රියදුරෙකුට එම රථය පදවාගෙන පදවා ගෙන යාමට බලපත්‍රයක්සහ එහි ආදායම් බලපත්‍රයනොතිබීම හේතුවෙන්ඒ සඳහා අධිකරණයේ නඩු පවරා නොකිරීමට රුපියල් 25,000 ක මුදලක් මුලින්ම ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේ රුපියල්12,500මුදලක් රියදුරාගෙන් ලබාගෙන ඉතිරි මුදල ලබා දෙන තෙක් රියදුරාගේ ජාතික හැඳුනුම්පතඔහු සන්තකයේ තබා ගෙන ඇතැයි කොමිසම පවසයි. මුදා හරින ලද රියදුරාට ජංගම දුරකථනයෙන් කතා කර ඉතිරි මුදල වූ රුපියල් 15,000 ක මුදල ඉල්ලා ඇතැයිකොමිසමේ එම එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.