― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩුබායිහිදී ලාංකිකයකුට කෝටි 176ක දිනුමක්

ඩුබායිහිදී ලාංකිකයකුට කෝටි 176ක දිනුමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයියේ නවතම දිනුම් ඇදීම් වාරයේදී ඩිරාම් මිලියන 20ක (රුපියල් කෝටි 176කා දැවැන්ත ත්‍යාගය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබේ.

මීට දින තුනකට ඉහතදී පැවති ජයග්‍රාහකයින් තේරීමේ මහා දිනුම් ඇදීමේදී මෙලෙස දැවැන්ත ත්‍යාගය හිමි කරගනිමින් වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත්ව ඇත්තේ තුරෙයිලිංගම් ප්‍රභාගර් නමැති ශ්‍රී ලාංකිකයෙකි.

මොහු මීට වසර 16කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් ඇත්තේ ඩුබායිහි සමාගමක සුපර්වයිසර්වරයෙකු ලෙස සේවය කිරීම සඳහායි.

පසුගිය වසර 5ක කාලයක් තිස්සේ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් මිතුරන් හා එක්ව ටිකට් මිලදී ගෙන ඇති තුරෙයිලිංගම් අන්තර්ජාලය ඔස්සේ ජයග්‍රාහී ටිකට්පත මිලදී ගෙන ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදීය.

තුරෙයිලිංගම්ගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් විමසූ විට ඔහුගේ මිතුරෙකු පවසා ඇත්තේ ජයග්‍රහණයත් සමග කම්පනයට පත්ව සිටින බවත් තවමත් කම්පනයෙන් මිදීමට නොහැකිව සිටින බවත්ය.