31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට

මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12 කින් පමණ ඉහළ ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 22 ක් පමණ අවශ්‍ය බවයි.

පසුගිය කාලයේ පැවති වියලි කාලගුණය හේතුවෙන් ජලාශයේ මතුව තිබූ ආගමික සිද්ධස්ථාන මේ වනවිට නොපෙනී යමින් පවතින අතර මාවුස්සාකැලේ ජලාශයෙන් ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණයට අයත් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයනු ලබයි.