26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් ජීවිතක්ෂයට

ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් ජීවිතක්ෂයට

බේරුවල ප්‍රදේශයේ කාන්තාවක් ශාන්තිකර්මයක් සිදුකරන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ශාන්තිකර්මය අතරතුර දුම් ඇල්ලීම හේතුවෙන් සිහි සිහිමූර්ඡා වූ කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්කානම්ගොඩ, ආරියවංශ මාවත,බේරුවල ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි කාන්තාවකි.

මැයට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 05 වැනිදා තිහාරිය ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් සිදුකර ඇති අතර එහිදී සිදුකළ දුම් ඇල්ලීම හේතුවෙන් මෙම කාන්තාව සිහිමුර්ජා වී තිබේ.

සිහිමුර්ජා වූ කාන්තාව පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් නැවත නිවසට රැගෙන එමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.