31 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsG-20 සමුළුව ඇරඹෙයි

G-20 සමුළුව ඇරඹෙයි

18 වන G-20 සමුළුව අද (09) ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ආරම්භ වුණා.

අද (09) සහ හෙට (10) යන දෙදින තුළ මෙම සමුළුව පැවැත්වෙන අතර, G-20 සමුළුව දකුණු ආසියාතික රටක පැවැත්වෙන්නේ පළමු වරටයි.

මෙවර සමුළුවේ දී අප්‍රිකානු සංගමය ද ස්ථිර සාමාජිකයෙකු ලෙස G-20 සාමාජික ලැයිස්තුව සඳහා එක්කර ගනු ලැබුවා.

මේ අතර 18 වන G-20 සමුළුව සඳහා රුසියාවේ ජනධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීනයේ ජනාධිපති ෂී ජින්පින් සහභාගී නොවන අතර, ඔවුන් වෙනුවෙන් නියෝජිතයින් යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ දිළිඳු රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු පිළිබඳව G-20 නායකයින් මෙම සමුළුවේ දී සාකච්ඡා කිරීමට නියමිතයි.