මධ්‍යම මොරොක්කෝවේ රික්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 1,000 ක් පමණ මිය ගිය අතර ප්‍රදේශ කිහිපයකට හානි සිදුවී ඇත.
මාරකේෂ් සිට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් (සැතපුම් 44ක්) ඔබ්බෙන් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් කම්පනය ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
එය දේශීය වේලාවෙන් 23:11 ට සිදු වූ අතර මිනිත්තු 19 කට පසුව 4.9 ක පසු කම්පනයක් ඇති විය. මරකේෂ් සහ දකුණේ ප්‍රදේශ කිහිපයක මිනිසුන් මිය ගිය බව රටේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
විපතට පත්වූවන්ගෙන් බොහෝ දෙනෙක් දුර බැහැර ප්‍රදේශවල සිටින බවට විශ්වාස කෙරේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ භූමිකම්පාවෙන් අල්-හවුස්, මරකේෂ්, ඕවාර්සාසේට්, අසිලාල්, චිචාඕවා සහ ටරෝඩන්ට් යන පළාත්වල සහ නගරවල මිනිසුන් මිය ගිය අතර පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.


