― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅලි මිනිස් ගැටුම් වළක්වන්න අලුත් යෝජනාවක්

අලි මිනිස් ගැටුම් වළක්වන්න අලුත් යෝජනාවක්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීමෙන් අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීමට පියවර ගත හැකි බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

දැනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන බහුකාර්ය නිලධාරීන් එම දෙපාර්තමේන්තුවටම ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු වන අලින්ගෙන් සිදුවන බලපෑම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා ඔවුන් සම්බන්ධ කළ හැකි බව ද ඇය ප්‍රකාශ කළා.

අමාත්‍යවරිය මෙම ප්‍රකාශ සිදු කළේ පාර්ලිමේන්තුවේදී පැවති වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අලි මිනිස් ගැටුම් වැළැක්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ගැටළුවලට පිළිතුරු ලබාදෙමින්.

අලි-මිනිස් ගැටුම් වැළැක්වීමට දැනටමත් යොදවා සිටින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් අඛණ්ඩව සේවයේ යෙදෙන අතරම ඉහත බහුකාර්ය නිලධාරීන් බඳවා ගන්නේ නම් අලි ගම්වැදීම වැළැක්වීම සඳහා දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම්ද සිදු කළ හැකි බව මන්ත්‍රීවරු සඳහන් කළා.

එසේම, පෞද්ගලික ඉඩම් ඇතුළු ස්ථානවල වගා කර ඇති පයිනස් දැව කැපීමට ඇති බාධා පිළිබඳවද මන්ත්‍රීවරු අමාත්‍යවරියගේ අවධානයට යොමු කර තිබෙනවා. පෞද්ගලික ඉඩම්වල පයිනස් දැව කැපීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සදහා අවධානය යොමුකරන බවයි ඇය මෙහිදී සඳහන් කළේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට සිදුකරමින් පවතින නව වනාන්තර සීමා නිර්ණය කිරීම හේතුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට (LRC) අයත්ව තිබූ ඉඩම්වල කෘෂිකර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයින්ට බලපෑම් එල්ල වී ඇති බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දෙනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.