26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා ලබා දීමට එරට කම්කරු හා රැකියා අමාත්‍ය ළී Lee Jung-Sik එකගතාවය පල කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

කොරියාවේ කම්කරු හා රැකියා අමාත්‍ය Lee Jung-Sik ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සදහා ඉකුත් 14 වෙනිදා මෙරටට පැමිණ ඇත. එම අවස්ථාවේදී විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර කොරියානු දූත පිරිස හමුවී සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ඇගළුම් සහ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයින්ට වැඩි වශයෙන් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර කොරියානු දූත පිරිසෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීමට කොරියාණු දූත පිරිස සුභවාදී ලෙස ප්‍රතිචාර දක්වා ඇත. කොරියාවේ ක්‍රියාත්මක වන නැව් ඉදිකිරීම සදහා මෙරට ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් ලබා දිය හැකි බවද එරට දූත පිරිස මෙහිදී සදහන් කර ඇත. දෙරට අතර ද්වි පාර්ශික සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කර ගනිමින් මෙරට ශ්‍රමිකයින්ට තම රට තුළ වැඩි රැකියා අවස්ථා ලබා දීමට ඉදිරියේදී තම පූර්ණ සහාය ලබා දෙන බවද කොරියාවේ රැකියා සහ කම්කරු අමාත්‍ය Lee Jung-Sik මෙහිදී සදහන් කර ඇත.

මෙම අවස්ථාවට කොරියාවේ කම්කරු හා රැකියා අධ්‍යක්ෂක ජනරාල්වරයාද, මෙරට කොරියාණු තානාපතිනිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියේය.