29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේටයේ අතරමං වූ ශ්‍රී ලාංකිකයින් 31ක් මෙරටට

කුවේටයේ අතරමං වූ ශ්‍රී ලාංකිකයින් 31ක් මෙරටට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කලක් රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු මෙරටට පිටත්කර ඒවා තිබෙනවා.

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම පිරිස මෙරටට ඒවා තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානයෙන් අද (19) උදෑසන 06.16ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස පැමිණි පිරිසේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඇතුළත්.

මේ අතර පසුගිය 12 වනදාද කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටත්කර ඒවා තිබුණා.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2,000 ක පමණ පිරිසක් ලියාපදිංචි වී සිටින බවයි වාර්තා වුණේ.

ඔවුන් කණ්ඩායම් වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා.