27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව නීතියක්

ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව නීතියක්

ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීම තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකය නංවාලීම සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

තවද, දිවයිනේ සියලුම ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් මේ වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.