― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි ගාස්තු වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

විදුලි ගාස්තු වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

පසුගිය ජූලි මාසයේදී විදුලි බිල අඩු කිරීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එබැවින් නැවත විදුලි බිල වැඩි කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිපියක් යවා තිබේ.

කෙසේ වෙතත්, මෙම ලිපිය සලකා නොබලන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.

විදුලි ගාස්‌තු ඉහළ දැමීම සඳහා ඉල්ලීමක්‌ කළ යුතු ක්‍රමවේදයක්‌ පවතින බවත්, එම ක්‍රමය උල්ලංඝනය කරන අයදුම්පත් භාර නොගන්නා බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.