25.6 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවිස්සාවේල්ලේ වෙඩි තැබීමක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල ඉහළ තල්දූව ලී කැටයම් වැඩපොළ අසල ඊයේ රාත්‍රී 11.15 පමණ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් ගමන් ගත් පිරිසකට නාදුනන පිරිසක් විසින් යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා පළා ගොස් තිබේ.

එයින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු අවිස්සා රෝහලට ඇතුළත් කිරිමට පෙර මියගොස් ඇති අතර මියගිය අය වයස අවුරුදු 38 සහ 27 වන අවිස්සාවේල් තල්දුව ප්‍රදේශයේ දෙදෙනෙකි.

තවද එම ත්‍රීරෝද රථයේම ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත. එයින් එක් අයෙක් බරපතළ බව රෝහල ආරංචිමාර්ග පවසයි.

ඔවුන්ගේ වයස අවුරුදු 43 සහ 42 වන අතර අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ය.

මොවුන් අවමංගල උත්සවයකට සහභාගී වීම සඳහා ගමන් කරන අතරතුරයි මෙම වෙඩි තැබීමට ලක්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.