― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමඩකලපුව විශ්වවිද්‍යාලය යළි හිස්බුල්ලාටම

මඩකලපුව විශ්වවිද්‍යාලය යළි හිස්බුල්ලාටම

වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය නැවත වරක් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට භාරදී තිබේ.

පාස්කු ප්‍රහාරයත් සමග 2019 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය රජයට පවරා ගත් අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් මෙය භාවිතා කළේය.

අරාබියේ සිටින ව්‍යාපාරිකයකු විසින් කෝටි 800 වැඩි මුදලක් වැය කොට මෙම විශ්වවිද්‍යාලය එවක නැගෙනහිර ආණ්ඩුකාර එල්.එල්.ඒ. එම් හිස්බුල්ලාට පරිත්‍යාගයක් ලෙස ලබා දී ඇති බවයි පැවසෙන්නේ.