27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍යවරයෙකුට ගුටි දුන් පිරිසක් අත්අඩංගුවට

වෛද්‍යවරයෙකුට ගුටි දුන් පිරිසක් අත්අඩංගුවට

වෛද්‍යවරයෙකුට පහර දුන් සැකකරුවන් තිදෙනෙක් වත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීම සඳා මොවුන් තිදෙනා ඊයේ (21) රාත්‍රී කාලයේදී රෝහලට පැමිණ ඇති අතර ඒ සඳහා ඔවුන්ට අවසර ලබා නොදීම හේතුවෙනුයි මොවුන් වෛද්‍යවරයාට පහර දී ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා වත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.