― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවයෝවෘද්ධ කතකට හදි කළ අයෙක් සොයා විමර්ශන

වයෝවෘද්ධ කතකට හදි කළ අයෙක් සොයා විමර්ශන

වයෝවෘද්ධ කාන්තාවක් අපයෝජනයට ලක්කළ අයෙක් සොයා කැලණිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ වරාගොඩ පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් ඊයේ අලුයම් කාලයේ මෙලෙස ඇයගේ නිවස තුළදී අපයෝජනයට ලක්වී ඇති අතර ඇයගේ රන් භාණ්ඩද කොල්ල කා ඇති බවයි.

නිවස තුළට පැමිණි පුද්ගලයෙකු පිහියක් පෙන්වා ඇයව අපයෝජනයට ලක් කර ඇය පැළඳ සිටි රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ වනවිටත් කණ්ඩායම් කිහිපයක් සීසීටීවි දර්ශන පරික්ෂා කර සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹා තිබේ.