22.8 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩිවන විදුලි ගාස්තුව හෙට කැබිනට්ටුවට

වැඩිවන විදුලි ගාස්තුව හෙට කැබිනට්ටුවට

නව විදුලි ගාස්තු සංශෝධනය හෙට(02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙනවා.

2023 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ අඩු විදුලි පරිභෝජනයක් සිදුකරන ජනතාවටයි.

අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ විදුලිය සඳහා වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමින් පවතින විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බවට බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළ අතර ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ 75% කින් පමණ ඉහළ දැමුණු විදුලි ගාස්තුව ජනවාරියේ සිට යළිත් ඉහළ දමන බව ඔහු සඳහන් කළා.

අදාළ යෝජනාවලිය මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.