22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාදිනල් හිමියන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි

කාදිනල් හිමියන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය අතර හමුවක් ඊයේ (02) පැවැත්විණි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සඳහා කාදිනල් හිමියන් බැෂලේ මහත්මිය හමුවී ඇති අතර එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කර ගැනීම සහ වින්දිතයින්ට යුක්තිය ඉටු කර ගැනීම පිළිබඳව විනාඩි 45ක පමණ කාලයක් ඔවුන් සාකච්ඡාවල නිරත වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ සහයක රදගුරු අතිඋතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණන් පැවසුවේ මෙරට වේලාවෙන් සවස 2.30ට පමණ අදාළ හමුව සිදු වූ බවයි.