රුසියානු – යුක්රේන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල යළිත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (03) ඩොලර් 116ක් ලෙසත් ඇමරිකානු තෙල් බැරලයක මිල ඩොලර් 113 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙතරම් මිල ඉහළ යාමක් වාර්තා කරන්නේ වසර හතකට පසු ය. යුක්රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය මත බොරතෙල් සැපයුම සීමා වීම හා ඉල්ලුම වැඩිවීම මත මෙම තත්ත්වය ඇති වී තිබේ.


