― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටියක් නොගෙවුවොත් වසර 09ක් සිර දඬුවම්

කෝටියක් නොගෙවුවොත් වසර 09ක් සිර දඬුවම්

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පවත්වාගෙන යන අල්ලස් ලබාගැනීමේ නඩුවකට අදාළව, කොළඹ මහාධිකරණය විසින් නියම කර ඇති රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල 2027 ජූලි 6 වැනිදාට පෙර සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ යුතු බවට අද නියෝග කර තිබේ.

එම ගෙවීම නියමිත කාලය තුළ සිදු නොකළහොත්, අභියාචනාධිකරණයේ නියෝග කඩකිරීමේ චෝදනාව යටතේ විත්තිකරුට වසර 9ක සිරදඬුවමක් නියම කෙරෙන බව ද මහාධිකරණය අවධාරණය කළේය.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය, නියමිත කාලසීමාව තුළ අදාළ වන්දි මුදල ගෙවා නිම කරන බවට අධිකරණය හමුවේ සහතිකයක් ලබාදුන්නේය. එම ප්‍රකාශය සැලකිල්ලට ගත් අධිකරණය, ඔහු මුදාහැරීමට ද අවසර ලබාදුන්නේය.

මෙම නඩුවේ චෝදනා අනුව, ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී, කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීම සඳහා අවසර ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට ඔහු වරදකරු කර තිබේ.

එම වරද සම්බන්ධයෙන් මීට පෙර කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ රුපියල් ලක්ෂ 100ක වන්දි මුදලක් ගෙවීමට නියෝග කර තිබූ අතර, එම තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනයෙන් පසු නිකුත් වූ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම නඩුව නැවත කැඳවා තිබිණි.