― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහනුවර – පේරාදෙණිය දුම්රිය ස්ථාන තාවකාලිකව වැසේ

මහනුවර – පේරාදෙණිය දුම්රිය ස්ථාන තාවකාලිකව වැසේ

මුල්ගම්පොළ (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය දින කිහිපයක් වසා තැබේ

මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර පිහිටි මුල්ගම්පොළ (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයට අනුව අලුත්වැඩියා කිරීමේ කටයුතු හේතුවෙන් එම හරස් මාර්ගය තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව, 2026 ජූලි 10 වන දින පස්වරු 6.00 සිට 2026 ජූලි 13 වන දින අලුයම 4.00 දක්වා ගැටබේ – මහනුවර උඩ පාර සහ විලියම් ගොපල්ලව පාර සම්බන්ධ කරන මුල්ගම්පොළ (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇත.

මෙම කාලසීමාව තුළ ප්‍රදේශයේ රථවාහන තදබදය ඇති විය හැකි බැවින්, එය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාව දැනුවත් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් ද කර ඇත.