― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්

දිස්ත්‍රික් ගැටලු විසඳා මහජන සේවාව කාර්යක්ෂම කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව සාර්ථකව අවසන්

දිස්ත්‍රික් මට්ටමින් පවතින විවිධ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දෙමින් මහජන සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාමේ අරමුණින් පැවති සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂ සමුළුව සාර්ථකව අවසන් වී තිබේ.

කොළඹ “නිල මැදුර” පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මෙම සමුළුව පැවැත්විණි.

සමුළුවේ පළමු දිනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, දෙවන දිනය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිමය තීරණ රැසක් පිළිබඳව අදහස් පළ කර තිබේ.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය හිමිවන හදිසි පාලම්, මාර්ග සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තුරු ප්‍රමාද නොකර ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයක් සඳහාම වෙනම මූල්‍ය සංචිතයක් වෙන් කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති බව සඳහන් කෙරිණි.

එමෙන්ම යුද්ධය හේතුවෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට රජය සැලසුම් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ විය.

නිසි ලෙස අවසන් නොකළ නිවාස ව්‍යාපෘති පිළිබඳව සමීක්ෂණයක් සිදු කර ඒවා නිම කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත්, ඉඩම් භාවිතයේදී වන සංරක්ෂණ කලාප ආරක්ෂා කරමින් සංවර්ධන කටයුතු සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුණාත්මක රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා ඵලදායීතාවක් නොමැති ආයතන ඉවත් කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපන හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අංශවල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සැසිවාරවලදී පරිපාලන ගැටලු සහ රාජ්‍ය සේවා අවශ්‍යතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු, නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැටලු සහ ඉන්ධන දීමනා ඇතුළු පරිපාලන ගැටලු සඳහා විසඳුම් සෙවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මේ අතර සමුළුවට එක්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බවයි.

එම සංවර්ධන වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇති අතර, ඒ සඳහා පවතින ගැටලු සහ ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් ක්‍රමවේදය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික උපකරණ සඳහා ලබා දෙන බදු සහන සෘජුවම ගොවීන් වෙත ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සහ රාජ්‍ය ඉඩම් බදු අනුමැතිය ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සම්බන්ධයෙන්ද අදාළ අමාත්‍යාංශ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්විණි.

අවසානයේදී අවධාරණය කෙරුණේ දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ජනතාවට කඩිනම් හා ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා සියලු නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.