― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපි ආණ්ඩුව ගත්තට රාජ්‍ය අරගෙන නෑ

අපි ආණ්ඩුව ගත්තට රාජ්‍ය අරගෙන නෑ

තමන් ආණ්ඩුවක් පිහිටුවා තිබුණද, රාජ්‍ය බලය තවමත් සම්පූර්ණයෙන් තම පාර්ශ්වය සතු වී නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවක් අමතමින් අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රජයක් පිහිටුවා තිබුණද රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනය යටතට පැමිණ නොමැති බවයි.

ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිසාපතිවරුන් තමන් අපේක්ෂා කරන ආකාරයටම කටයුතු කරන්නේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.

එම තත්ත්වය වෙනස් කිරීම සඳහා තරුණ පරපුර රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය අභ්‍යන්තර ක්‍රියාවලිය තුළට පැමිණිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තම පාර්ශ්වය මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට බලයේ ඉහළම ස්ථානයකට පැමිණ ඇති බවත්, ඒ හේතුවෙන් විවිධ පාර්ශ්වවල නොසන්සුන්තාවයක් ඇති වී ඇති බවත් ඔහු පැවසීය.

පරාජයට පත්වූ දේශපාලන කණ්ඩායම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඔවුන් දේශපාලනිකව අවසන් වී නොමැති බවත්, එම පිරිස් විවිධ ස්ථානවල ක්‍රියාකාරී වීමට පටන් ගෙන ඇති බවත්ය.

එම දේශපාලන බලවේග දේශපාලනිකව පරාජය කිරීම අවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කළේය.

තමන් සතු වූ මෙම බලය නැවත වෙනත් කිසිදු පාර්ශ්වයකට ලබාදීමට කටයුතු නොකරන බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.