― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රගතිය පිළිබඳව ICCය සතුටින්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රගතිය පිළිබඳව ICCය සතුටින්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වනතුරු ICC සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමි වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ ශම්මි සිල්වා මහතා පසුගිය මැයි මාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ක්‍රීඩා අමත්‍යවරයා විසින් ක්‍රිකට් පරිපාලනය සිදුකරගෙන යාම සඳහා පරිවර්තන කමිටුවක් පත්කිරීමට කටයුතු කළා.

නමුත් එම පරිවර්තන කමිටුව පත්කිරීමෙන් අනතුරුව ජුනි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජික රැස්වීම් නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වුණේ නැහැ.

ජූලි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

එම රැස්වීමේදී සාකච්ඡා කෙරුණු කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, සංශෝධිත ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුටු වන බවයි.