― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙවුන්දර වෙඩි තැබීමට ආ මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී

දෙවුන්දර වෙඩි තැබීමට ආ මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී

මාතර දෙවුන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන මෝටර් රථයක් දික්වැල්ල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (22) රාත්‍රියේ නව බෙලිඅත්ත මාර්ගයේ සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේ, එහි රියදුරු රථය නොනවත්වා ධාවනය කර පලායාමට උත්සාහ කර තිබේ.

එම රථය පසුව මාර්ගය අසල කාණුවකට පෙරළී නතර වී ඇති අතර, එහි සිටි රියදුරු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරුව සිදුකළ විමර්ශනවලදී එම මෝටර් රථය දෙවුන්දර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි රථය බවට තහවුරු වී ඇති බවද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ අලුයම මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබුණි.

ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාරේ පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවස මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, සැකකරුවන් මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පලා යන ආකාරය ආරක්ෂක කැමරා (CCTV) දර්ශනවලද සටහන් වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.