ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා සඳහන් කළේ, මෙවැනි අර්බුදයක් ඇති වීමට හේතුව සොයා බැලීම සහ විරෝධතාකරුවන්ගේ අදහස්වලට සවන්දීම වැදගත් බවයි.
සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් උදෙසා අවශ්‍ය පියවර ගන්නැයි,සියලු පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.