― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතවත් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

තවත් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

පාරිභෝගික අධිකාරිය තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින්.

පාරිභෝගිකයෙකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතු අතර ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබා ගත යුතු බවට ද එම ගැසට් නිවේදනයේ කොන්දේසි පනවා ඇත. භාණ්ඩයක් අලෙවි කරන සෑම අවස්ථාවකම එම භාණ්ඩයේ ප්‍රමාණය පාරිභෝගිකයාගේ අනන්‍යතාව, දිනය සහ වටිනාකම ඇතුළත් කුවිතාන්සියක පිටපතක් සෑම අවස්ථාවකම සන්තකයේ තමා ගත යුතු බවට ද අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් නියෝග කර තිබෙනවා. සහල්, තිරිගු පිටි, බිත්තර, පරිප්පු, ටින්මාළු, කිරිපිටි, සුදුළුණු, කුකුල්මස්, මුං ඇට, අර්තාපල්, වියළි මිරිස් සහ සීනි ආදී ආහාර ද්‍රව්‍ය එම කොන්දේසිවලට යටත් කර ඇති භාණ්ඩ වනවා. ගඩොල්, වැලි, වානේ, මෝටර් රථ අමතර කොටස්, පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආදියද ඇතුළත්.