― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහෙට මහනුවරට පැය 14ක ජල කප්පාදුවක්

හෙට මහනුවරට පැය 14ක ජල කප්පාදුවක්

හාරිස්පත්තුව, අකුරණ, ජූජාපිටිය, පාතදුම්බර, මහනුවර මහ නගර සභා බලප්‍රදේශය, අම්පිටිය සහ හන්තාන යන ප්‍රදේශවලට හෙට (13) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව හෙට (13) දිනයේ පෙරවරු 6.00 සිට පස්වරු 8.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.