හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ බව තහවුරු කළේය.
වසර තුනක කොන්ත්‍රාත්තුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වූ ටොම් මූඩි වසර එකහමාරක් ගතවී ඇති හෙයින් එම තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු උපදේශකවරයා ලෙස මහේල ජයවර් ධන තවදුරටත් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දී තිබෙනවා.